වව්නියාව අගනුවරක් නොකර යාපනය දියුණු කරන්න කිසි දවසක බෑ

Report
4Shares

මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ 35 දෙනෙකු නාම යෝජනා භාර දී තිබේ. ඒ, පිළිගත් දේශපාලන පක්ෂ 18 කින්, වෙනත් දේශපාලන පක්ෂ 2 කින් සහ ස්වාධීන අපේක්ෂකයින් 15 දෙනෙකු ලෙසයි.

මෙහිදී ලංකා ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයින් පිරිසක් මෙවර ජනාධිපතිවරණය සඳහා තරඟ කරයි.එසේ තරඟ වදින අපේක්ෂකයින් 35දෙනා අතරින් තරඟ කරන එකම කාන්තා නියෝජනය බවට පත් වෙමින් සහ ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරය නියෝජනය කරමින් තරඟ වදින ප්‍රථම කාන්තාව බවට පත් වීමට ආචාර්ය අජන්තා පෙරේරා මැතිනිය සමත්වී තිබේ.

ශ්‍රී ලංකාවේ සමාජවාදී පක්ෂයෙන් මෙවර ජනාධිපතිවරණයට තරඟවදින ආචාර්ය අජන්තා පෙරේරා මැතිනිය සම්බන්ධයෙන් කථා කළ විට විශේෂයෙන් ඇය ජනතාව අතර ප්‍රසිද්ධියට පත් වන්නේ ලංකාවේ සිංහල ශබ්ද කෝෂයට කසළ ප්‍රතිචක්‍රීකරණය යන වචනය හඳුන්වා දීම සිදු වන්නේද එතුමියගෙ අතින් වීම නිසාවෙන්.

විශාල වශයෙන් ජාත්‍යන්තර සම්මානයන්ගෙන්ද පිදුම් ලබා ඇති ආචාර්ය අජන්තා පෙරේරා මැතිනියගෙන් ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අසා දැනගැනීමේ අරමුණින් අප මාධ්‍යවේදීන් ඇයව ගගන මාධ්‍ය සාකච්ඡාවට එක් කර ගත්හ.

රටේ ප්‍රධාන වශයෙන් පවතින සියළු ප්‍රශ්න විසඳීමට හැකි කාන්තාවක් ලෙසින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව ආචාර්ය අජන්තා පෙරේරා මැතිනිය පැවසීය.

එතුමිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රටේ දැවැන්ත වෙනසක් සිදු විය යුතු බවයි.

මේඅතර වව්නියාව රටේ අගනුවරක් බවට පත් කරන බව මීට පෙරදී ජනාධිපති අපේක්ෂිකාව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙනුත් අප ගගන මාධ්‍යවේදියා විමසා සිටි අතර එතුමිය මෙහිදී කියා සිටියේ වව්නියාව නගරය අගනුවරක් නොකර යාපනය දියුණු කිරීමට නොහැකි බවයි.

කොළඹ නගරයේ පවතින සියලු පහසුකම් වව්නියාවට ලබා දිය යුතු බවත් කී ඇය සඳහන් කළේ උතුර සංවර්ධනයෙන් බැබලෙනු දැකීම තම සිහිනයක් බවයි.