මත්පැන් තොගයක් සමගින් සුපිරි මෝටර් රියක් කොටු

Report
97Shares

වත්තල ප්‍රදේශයේදී අයත් සුපිරි මෝටර් රථයකින් රැගෙන ආ රුපියල් 35 00 000/ වටිනා විදේශීය මත්පැන් තොගයක් සමගින් එක් සැකකරුවක් පෙරේදා (03) නාවික හමුදාවේ සහාය ඇතිව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

මෝටර් රථයේ සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමේන් පසු වත්තල ප්‍රදේශයේ ගබඩාවක සගවා තිබු විදේශීය මත්පැන් බොතල් වන විස්කි බෝතල් 100 ක්,වොඩ්කා බෝතල් 550 ක්, සොයා ගත් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පි.එන් .හේමන්ත මහතා පවසයි.

ව්‍යාජ ගැනුම් කරුවකු ලෙස වෙස්වලාගත් සුරාබදු නිලධාරීයකු යොදවා මත්පැන් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී සුපිරි මෝටර් රථයෙන් විදේශීය මත්පැන් ලබාදීමට පැමිණි අවස්ථාවේ ජාවාරම් කරු කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

අදාල සැකකරුවන් රේගුවේද ඇස්වසා හොරට මෙරටට විදේශීය මත්පැන් රැගෙන විත් ඇති අතර මෙම රටබීම මුද්‍ර නොකැඩු පෙට්ටි තුල අසුරා තිබු බවද හේමන්ත මහතා පැවසුවේය.

අත්අඩංගුවට ගත් මත්පැන් පැටවු සුපිරි මෝටර් රථය සමගින් සැකකරු මේ මස 08 වන දින වත්තල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් එච්.ජී .සුමනසිංහ ,අතිරේක සුරාබදු කොමසාරස් වසන්ත දිසානායක,නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත,සුරාබදු අධිකාරී චන්න වීරක්කොඩි මහතා ගේ අධීක්ෂණය යටතේ ,කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පි.එන් .හේමන්ත ,පරීක්ෂක එච්.ජී.රණවීර ,සැරයන් රන්ජන් රණවීර,නියාමකවරුන්වන ශාලිත නිලුපුල් ,,සිසිලු කරුණාතිලක,අසංක අතුකෝරල යන නිලධාරීහු මෙම වැටලීම සිදු කළහ.