මෙරට දුක්විදින ජනතාවගේ එකම ගැලවුම්කරු සජිත්-ධම්මිස්සර හිමි

Report
1Shares

මෙරට දුක්විදින ජනතාවගේ එකම ගැලවුම්කරු වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර ස්වාමීන්වහන්සේ පැවසීය.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මතුරඹ ධම්මාලංකාර ස්වාමීන්වහන්සේ ඇතුළු පිරිසක්ද මෙම මාධ්‍ය හමුවට එක්ව සිටියහ.

රටේ අහිංසක අසරණ ජනතාව මෙන්ම දුක් විඳින ජනතාව ඉන් මුදවා ගැනීමට සිටින එකම ශක්තිමත් නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවයි ධම්මිස්සර ස්වාමීන්වහන්සේ අදහස් දක්වමින් කියා සිටියේ.