"අනියම් පෙමට ලොල්වී බිරිය හා දරුවන් මැරූ විධායක නිලධාරියා පෝරකයට" එම පුවතත් සමගින් ගගන හිමිදිරිය

Report
1Shares

සිය අනියම් පෙම්වතිය සමග නව යුගදිවියක් ආරම්භ කිරීමේ අරමුණින් 31 හැවිරිදි පාසල් ගුරුවරියක වූ සිය බිරිඳ හා තුන් හැවිරිදි තම දරුවාගේ ගෙල සිරකර ඝාතනය කර ගිනි තැබීම සහ මාසයක් වයසැති තම සිඟිති දරුවා පුළුස්සා මරා දැමීම යන අධිචෝදනා තුනට වරදකරු කරනු ලැබූ සමාගම් විධායක නිලධාරියකු ලෙස කටයුතු කළ විජේමුණි මධුර මනුරංගන ද සිල්වා නමැත්තාට කොළඹ ප‍්‍රධාන මහාධිකරණ විනිසුරු විකුම් ඒ කළුආරච්චි මහතා ඊයේ (07) මරණීය දණ්ඩනය නියම කළේය.

2012 දෙසැම්බර් 16 වැනිදා රාත‍්‍රියේ හෝ ඊට පසුදින අලූයම රත්මලාන කල්දෙමුල්ල ගොලූමඩම හන්දිය ආසන්නයේ පිිහිටි නිවසක් තුළදී පිහිවියගේ සචේතනා සඳමාලි ප‍්‍රනාන්දු , විජේමුණි ඉෂාන් බානුක ද සිල්වා හා විජේමුණි කුෂාන් සඳරු ද සිල්වා යන ත‍්‍රිපුද්ගල ඝාතන චෝදනාවට විත්තිකරු වරදකරු බවට පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා එකී අධි චෝදනා තුනටම විත්තිකරුට වෙන් වෙන්ව මරණීය දණ්ඩනය නියම කළේය.

ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.