එම්.සී.සී. ගිවිසුමෙන් රටට කිසිම හානියක් සිදුවෙලා නැහැ

Report
1Shares

අන්තවාදය පරාජය කර, මනුෂ්‍යබාවයෙන් තවදුරටත් ප්‍රජාතන්ත්‍රවාදය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය වන බව එක්සත් ජාතික පක්ෂ උපනායක, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධනඅමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (08) පෙරවරුවේ කොළඹ කොටුව ප්‍රදේශයේදී, වෘත්තීය සමිති සාමාජිකයින් සමග ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"වසර 05 කට කලින් කොහොමද මේ රටේ තිබුණ තත්ත්වය?. ජනතාවට නිදහසේ ජීවත්වෙන්න පුළුවන්වුණාද. සුළු අතපසුවීමකටත් සුදු වෑන් වල තමයි යන්න වුණේ. අද මොනදේ නැතිවුණත්, ජනතාවට බියෙන් සැකයෙන් තොරෙව ජීවත්වීමේ අයිතිය අපි ලබාදීලා තිබෙනවා. මේක තමයි අපි ලැබුව මිල කරන්න බැරි ලොකුම ජය. ප්‍රතිවාදී කණ්ඩායම් දුරස්ථ පාලකයන් මගින් රට පාලනය කරද්දි, එක්සත් ජාතික පක්ෂය සෑම අවස්ථාවකම අපි ජනතාව සමගම සිටින නිසා, ජනතාව දන්නවා අපි තමයි මේ රට පාලනය කරන්න පුළුවන් එකම පක්ෂය කියලා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයිනුත් අද අපි සමගයි. අපි සමග නැත්තේ පොදු ජන පෙරමුණ පමණයි.

අපි සියළු දෙනාගේම උනන්දුවෙන්, රටේ, දේශපාලන ක්ෂේත්‍රයේ සැබෑ වෙනසක් ඇතිකරලා රට ඉදිරියට ගෙනයන්න අපි කටයුතු කල යතුයි. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන, අන්තවාදය පරාජය කරලා, මේ වසර 05 තුළ ඇතිවූ දේ මනුෂ්‍යභාවයෙන් තවදුරටත් ඉදිරියට ගෙනයන්නයි අපට අවශ්‍ය වන්නේ. ජනතාවට දුන් සියලු පොරොන්දු ඉටු කරන්න බැරිවුණත්, ඉදිරියේදී ඒ සියඵ දේ ජනතාවට ලබාදෙමින්, මනුෂ්‍යභාවයනේ කණ්ඩායම් හැගීමෙන් ඉදිරියට යාමක් තමයි අපට අවශ්‍ය වන්නේ.

ජනතාව තුළ අප කෙරෙහි යම් අපහැදීමක් තිබුණානම්, ඒ සියලු දේ ඉවත්වෙලා, ඉතාමත් සීග්‍රයෙන් ජනතා විශ්වාසය සහ කැමැත්ත එක්සත් ජාතික පෙරමුණට ලැබෙන ස්වභාවයක් තමයි අපට දකින්නට තිබෙන්නේ. ප්‍රතිවිරුද්ධ පක්ෂ වෙතින් ජනතාව ඉදිරියේ එළිදක්වන ඉටුකරන්න බැරි අසත්‍ය පොරොන්දු ඉදිරියේ, අපේ ප්‍රතිපත්ති සහ අප විසින් ජනතාවට ලබාදුන් පොරොන්දු කෙරෙහි ජනතාවගේ කැමැත්ත මේ වනවිට හිමිවෙලා තිබෙනවා.

ප්‍රතිවාදි කණ්ඩායමට පුළුවන් බිල්ලෝ මවන්න විතරයි. ඔවුන් හැමදාමත් කරන්නේ ඒ දේතමයි. එම්.සී.සී. ගිවිසුම් ඇති කළේ ඔවුන්. එයාලා බලයෙන් ඉවත්වූ අවස්ථාවේ ඔවුන්ආරම්භ කළ දේ ඉදිරියට ගෙනයන එකයි අපි කලේ. නමුත් මෙමගින් රටේ ඒකීයබාවයට හානියක් වීමක් හෝ, ඉඩම් අහිමිවීමක් හෝ එවැනි කිසිම හානියක් නැහැ. මම ඔවුන්ට කියනවා, ඒවගේ හානියක් වෙලා තිබෙනවානම්, සාධක සහිතව ඒවා ඔප්පු කරලා පෙන්වන්න කියලා. දැන්අපිට ඇගිල්ල දික් කෙරුවට, එයාලා අය තමයි මේවා කළේ" යැයි පැවසීය.