මේ ඡන්දෙට ඉස්සෙල්ලා අපි ඒ් සියල්ල හෙළිදරව් කරනවා-රාජිත

Report
3Shares

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය තහවුරු කිරීමේ රත්මලාන සහ පයාගල පැවැති ජන රැලි අමතින් ඊයේ (07)දින සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -

“ජනාධිපතිවරණය සඳහා තව ටික දවසයිතිබෙන්නේ. අපේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු 13 වනකොට අපි අවසන් කරනවා. එදා අපේඅධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ලැඡ්ජනැතිව කීවා ගෝඨාභයට විරුද්ධව නඩුවක් ගේන්න මම ඉඩ තියන්නේ නැහැ කියලා. අද ගෝඨාභය ඇවිත් කියනවා රාජිතලා, චමිපිකලා ගෝඨාව අධිකරණයට ගේන්න පුළුවන් තරම් උත්සාහ කළා ඔහු ඉඩදුන්නේ නැහැ කියලා. අධිකරණ අමාත්‍යවරයා කොහොමද තීන්දු කරන්නේ කාටහරි නඩු දානවද නැද්ද කියලා.විජයදාස රාජපක්ෂගේ ගෙදර දී මේ කට්ටියට උදව් කරපු හැටි අපි දන්නවා.”

“මිනීමැරුම් දූෂණ, වංචා නඩු යටගැහුවා. තව දවස් දෙකක් දෙන්න මේ මිනී මැරුම්කළ පුද්ගලයින් අපි ගේනවා. ඒ අය මුළු ලංකාවටම කියනවා තාජුඩීන්, එක්නැලිගොඩ, ලසන්තව මරපු හැටි. මේ සියල්ල හෙළිදරව් වෙනවා. මේක තමයි ස්වභාව ධර්මය. අපි දිගටම මේ සටනේ හිටියා. මමත්, චමිපිකත්, අර්ජුන රණතුංගත් අපි කැබිනට් පත්‍රිකාවක් එකට අත්සන් කරලා කැබිනට් මණ්ඩලට දුන්නා. මේ නඩු වහාම විභාග කිරීමේ දී කැබිනට් මණ්ඩල තීරණ අරගෙන ක්‍රියාත්මක කරන්න කියලා. අපිට අවලාද කිව්වා. නමුත් මීනිමැරුම් වලට සහභාගි වුණ ගෝඨාභයගේ ගෝලයෝ අපිව හොයාගෙන එන්නේ මොකද අපි ඒ ස්ථාවරයේ එක දිගට හිටපු නිසා. ඒ නෑසුන සියලු කථා තමුන්නාන්සේලාට හෙට දවසේ අහන්න ලැබෙයි. එදාට තමයි රාජපක්ෂලාට මූත්‍රා යන්නේ. එතකොට බලමු මේ රටේ දුෂණ,වංචා, මිනිමැරුම් කළ අය ජනාධිපතිවරණයට එන්නේ කොහොමද කියලා. මම ඒ අයව සජිත් ප්‍රේමදාස මහතා ලගට ගෙන ගියා. හැබැයි මිනී මරපු හැටි කියන්න එපා කිව්වා දවල්ටකන්න, රෑට නිදාගන්න හම්බවෙන එකක් නැති වෙන නිසා. මේ ඡන්දෙට ඉස්සෙල්ලා අපි ඒ්සියල්ල හෙළිදරව් කරනවා.”

“වැරදිකාරයෝ අහුවුණේ නැත්තේ ඒ තරම් මුදල් වියදම් කළා. තව ටික දවසකින්මොවුන් මුදල් හම්බ කළ හැටි පෙන්වනවා. ඒල්.ටී.ටී.ඊ රත්තරන් ගෙනාපු හැටි ඒවා මේවා ඔක්කොම. ඒවා තියෙන අය මා එක්ක එකතු වෙනවා තව දවස් කීපයකින්. ඒවාට ගෝඨාභය උත්තර දෙන්නේ කොහොමද බලමු. රාජපක්ෂලාගේ මැතිවරණ ව්‍යාපාරය අද එකතැන නතර වීතිබෙනවා. ජනතාවට කියන්න අළුත් දෙයක් නැහැ. ඔවුන් දේශප්‍රේමීන් අපි දේශද්‍රෝහින් කියලා කිව්වේ. එම දේශප්‍රේමි කඳවුරේ අය දිනෙන් දින එතනින් ඉවත්ව අප සමග එකතු වුණා. නොයෙකුත් කට්ටිය ගෙනල්ලා ගෝඨාභයගේ කඳවුරුවල ඒ මිනිසුන්ගේ දත් එක එක ගැලෙව්වා. අපි ඒ අය එක්ක එකතු වෙලා තව ටික දවසකින් එයාගේ දේශපාලන දත්ටික ගලවනවා.”

“සමහර ඇමැතිවරු හිතනවා ආණ්ඩු දිනලා ඇමැතිකම ලැබුනම ඒ ඇමැතිකම සදාතනිකයිකියලා. 17 වනි දා පිහිටුවන සජිත් ප්‍රේමදාස මහතාගේ රජය යටතේ කාටවත් සෙල්ලංදාන්න දෙන්නේ නැහැ. ජනතාවට එරෙහිවන මොන ඇමැතිය ද, ජගත ද, කණෙන් අල්ලලා දොට්ටදානවා. සජිත් ඇමැතිතුමා එකගවෙලා තිබෙනවා. ජනතා මිත්‍රයින් සමගයි හිට ගන්නේ එකඑක්කෙනා එක්ක ඩීල් දාන්න බැහැ. ජනතාවගේ හතුරන් සමග හිටගන්න වරම් දෙන්නේ නැහැ. අවුරුදු 04 යනකොට මේ මිනීමරුවන් සහ මංකොල්ලකරුවන් නැවැත බලය ඉල්ලනවා. උන්ගේ පිටිපස්සේ අරක්කු, කිසිප්පු බෝතලේට, කුඩු පැකට් එකට අපේ අය ආත්මය විකුණනවා. සමහර අය මිනිස්සු කිව්වට මිනිස්සු වෙලා ඉන්නේ කකුල් දෙකෙන් හිට ගන්න නිසා විතරයි. කකුල් පණ නැතිව අත් දෙකෙන් හිට ගත්තා නම් නියම සිවුපාවෝ. ඒක පවුලකට රට දෙන්නට මේ කාලකණ්නි දේශපාලනය කරනවා. පක්ෂ, පාට බලන්නේ නැති ජනතාව හොදින් මේ ගැන කල්පනා කර බලන්න. දේශප්‍රේමය කියලා රට විකුණන අයට මේ රට දෙනවා ද, රටට ආදරේ ඇති මිනිසුන්ට රට බාර දෙනවා ද.”

“අපි ආණ්ඩුව දින්නට රාජ්‍ය දිනන්න අපිට බැරි වුණා. රාජ්‍ය රාජපක්ෂලා අතේ තිබුණා. මේක ලේසි වැඩක් නොවෙයි. ආණ්ඩුව ඇතුලේ, නිලධාරි පැලැන්තියේ, නීතිපති දෙපාර්තමේන්තුවේ, අධිකරණවල රාජපක්ෂ හිතවාදීන් හිටියා. මේ හැම එකත් එක්කම අපට සටන් කරන්න වුණා. දැන් අපි තවත් මුවහත් වෙලා සටන ඉදිරියට ගෙන යනවා. දෙවන අරගලයේ දී පිරිස් අපට එකතු වෙනවා. ගිය මැතිවරණයේ දී රාජපක්ෂවරු බේරුවල ආසනයට 05 වතාවක් විතර ආවා. මාව පරාජය කරන්න. හැබැයි බැරි වුණා. මේ පාර ආවා කථාවක්වත් පැවැත් වූවේ නෑ. පරාජය වැටහුනා. මේ ආසනයේ ප්‍රචාරණ කටයුතු කරගෙන යාම සඳහා වැදගත් උගත් පුද්ගලයින් මම යොමු කර තිබෙනවා. නමුත් කළින් හිටපු අය මතකනේ. අල්ලපු ආසනේ කෙනාට අල්ලස් කොමිසමෙන් එන්න කිව්වාම නයෙක් ගැහුවා. එදා තමයි මමත්දැන ගත්තේ කළුතර නයි ඉන්නවා කියලා. මමත් එදා ඉදන් ටිකක් විමසිල්ලෙන් ඉන්නේ. මැරුණට කමක් නැහැ සටනකට ගිහිල්ලා. නැතිව නයෙක් ගහලා මැරුණම ලැඡ්ජයි නේ. පත්තරවල වැටෙයි නයෙක් ගසා රාජිත මියයයි කියලා. මොකද අපි සටන් භූමියක මැරෙන්න ඉන්න මිනිස්සු. අපි මැරෙන්න බය නෑ.”

මෙම අවස්ථාවන්ට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය, රන්ජන් රාමනායක මහතා ඇතුලු මැති ඇමැතිවරු, මන්ත්‍රීවරු, ආසන සංවිධායකයින්, ඇතුලු විශාල ජනකායක් එක්ව සිටියහ.