සජිත්ට තරුණයන්ගේ සහයෝගය ලබා දිය යුතු හේතුව හර්ෂණ කියයි

Report
1Shares

තරුණ තරුණියන්ගේ තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව නිදහසේ ජීවත්වීමට ඉඩකඩ ලබා දීම බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පවසයි.

ඒ, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ ඊයේ(07) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.."තරුණයන් ගැන විශේෂයෙන් කතා කරනකොට ඇයි සජිත් ප්‍රේමදාස මැතිතුමාට තරුණයන්ගේ සහයෝගය ලබා දිය යුත්තේ කියන කාරණාව පිළිබඳව වචන ස්වල්පයක් කථා කරන්න මං බලාපොරොත්තු වෙනවා.. මං දකින ප්‍රධානම කාරණාවක් තමයි තරුණයන් හැටියට අපට අවශ්‍ය අපේ නිදහසේ අපිට ජීවත්වෙන්න ඉඩකඩ ලබා දීම. ඒ නිදහසේ ජීවත්වීමට තරුණ තරුණියන්ගේ තියෙන ප්‍රධානතම බලාපොරොත්තුව එයයි. නිදහසේ ජීවත්වෙන්න අපිට නිදහසේ මේ රටේ ජීවත්වීමට වාතාවරනයක් ලබාදෙන්න කාත් එක්කද පුළුවන් කියන එක අපි මේ වෙනකොට තරුණයන් හැටියට අවබෝධ කරගෙන අවසන්. මොකද අපි දන්නවා අපේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂ මහතා ඇත්ත වශයෙන්ම පහුගිය ක‍ාලේ ආරක්ෂක ලේකම්වරයා හැටියට කටයුතු කරනකොට තරුණයන්ට නෙමෙයි මෙතන ඉන්න මාධ්‍යවේදීන්ටත් තමන්ගේ නිදහසේ රාජකාරිය කරන්න බැරිව ගියා. ඔබ දන්නවා මාධ්‍ය ආයතන වලට මාධ්‍යවේදීන්ට මාධ්‍ය ප්‍රධානීන්ට තිබ්බ තර්ජනය."

"තරුණයන් හැටියට තරුණයන්ගේ ජීවිතය නිදහසේ ගත කරන්න, තමන්ගේ රාජකාරිය තමන්ට ඕනෙ විදහට කරගෙන යන්න නිදහස ලබාදෙන්න පුළුවන් කාටද කියන එක ඉතාම පැහැදිලියි. ඒක කරන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ සංකල්පයට අනුව." යැයි කීය.

මෙම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්ෂ පා.ම. සහ නීතීඥඒරංග වැලිඅංග සහ එජාප වලපනේ ආසන සංවිධායක සහභාගි විය. ඊට අමතරව විශ්‍රාමිකරණවිරුවන් පිරිසක් සහ විශ්ව විද්‍යාල ආචාර්යවරයකුද මාධ්‍ය හමුවට සහභාගි විය.