“අපි ශ්‍රී ලංකා” එකමුතුවේ සහායත් සජිත්ට

Report
1Shares

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ “අපි ශ්‍රී ලංකා” කණ්ඩායම නියෝජනය කරන පළාත් පාලන නියෝජිත සහ දිස්ත්‍රික් සංවිධාන එකමුතුව අද දින (08) නව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ කාර්යාලයේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.

මෙහිදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය උදෙසා විශාල මෙහෙවරක් කරනු ලබන සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ද ඇගයීමට ලක්වන ලදි.

කැස්බෑව නගර සභාවේ නාගරික මන්ත්‍රී සූජීවා චන්ද්‍රසිරි මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අතර ඇය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරිය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානයේ උපලේකම්වරිය ලෙස ද කටයුතු කරනු ලබන්නීය.

එතුමිය අදහස් දක්වමින් -

“හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මැතිතුමා සමග ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ රැක ගැනීම හා නිදහස් පක්ෂය රැකගැනීමේ චේතනාවෙන් “අපි ශ්‍රී ලංකා” නමින් සංවිධානය වෙලා එකතුවී කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීම උදෙසා හංසයා ළකුණට ඡන්දය පාවිච්චි කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපි කටයුතු කරනවා. පළාත් 09 තුල ම ඉන්න පළාත් පාලන නියෝජිතයින්ට, දිස්ත්‍රික් සංවිධායකවරුන්ට, ආසන සංවිධායකවරුන්ට අපි ආරාධනා කරනවා පක්ෂය හා පාක්ෂිකයින් රැක ගැනීම සඳහා අපි සමග එක්වෙන්න කියලා. මධ්‍යස්ථව ඉන්න පාක්ෂිකයින්ගේ ඡන්ද ටික ද හංසයා වෙත ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ලක්ෂ06 ක පමණ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ඡන්ද සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමඅපේ අරමුණ වෙනවා. ඉදිරියේ දී ඒ වෙනුවෙන් පළාත් 09හිම කැඳවුම්කරු වශයෙන් මා කටයුතු කරනවා. ඒ සියලු සංවිධායකවරු ගෙනල්ලා මේ පණිවුඩය අපි මුළු ලංකාවටම ගෙනයනවා. සජිත් මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුල කාන්තාවට සුවිශේෂි ස්ථානයක් හිමිව තිබෙනවා. මෙම රජය තුල කාන්තා නියෝජනයට වැඩි ඉඩහසර ලබාදී තිබෙනවා. සියයට52 ක් පමණ වන හැම කාන්තාවකටම මම කියනවා ඔබ මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන්න. නිදහස් පක්ෂය සුරැකීම සඳහා එක්වන්න.” යැයි පැවැසීය.