රිෂාඩ් බදියුදීන් නව ජනපතිට සුබ පතයි

Report
3Shares

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස බහුතර ජනමතයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සුබ පැතුම් එක්කර ඇත.

ඒ, නිවේදනයක් නිකුත් කරමින්.

එමෙන්ම, සමස්ත ශ්‍රී ලාංකීය ජාතීන් අතර සාමය, සමගිය, සංහිඳියාව, විශ්වාසය හා ආරක්ෂාව ඇතිවන ආකාරයෙන් අභිනව ජනාධිපතිතුමා කටයුතු කරනු ඇතැයි තරයේ විශ්වාස කරන බවත් ඔහු එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

රටක් ලෙස අප මුහුණ දෙන අභියෝගයන් ජය ගැනීම සඳහා සියලු ජාතීන් එකාවන්ව, සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන් එම අභියෝගයන්ට මුහුණ දී රට සංවර්ධනය කරා ඉදිරියට ගෙන යාමට අභිනව ජනාධිපතිතුමාට ශක්තිය ධෛර්ය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බවත් හෙතෙම නිවේදනයෙන් සඳහන් කරයි.