අපි ඔවුන්ට මුල ඉඳලම කිව්වා මේක කරන්න එපා කියලා

Report
2Shares

ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීන්දුවට පිටතින් ක්‍රියා කිරීම නිසා අද වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ඇතුළු පිරිසට අත්වී ඇති ඉරණම පැහැදිලිව දක්නට තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

ඒ, ඊයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ආරම්භයේ පටන් එම ක්‍රියාදාමය සිදු නොකරන ලෙස ඔවුන්ට කියා සිටි බවයි ජයසේකර මහතා අදහස් දක්වමින් පවසා සිටියේ.