නායයෑමට ලක්ව අතුරුදහන් වු තිදෙනෙකුගේ සිරුරු සොයා ගැනේ

Report
1Shares

නුවරඑළිය, වලපනේ, මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදන්ව සිටි තිදෙනෙකුගේ සිරුර මේ වනවිට සොයාගෙන ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා පැවසිය.

ඊයේ (30) දින රාත්‍රි 7.30ට පමණ වලපනේ ප්‍රදේශයට ඇඳහැළුණු අධික වර්ෂාවත් සමග වලපනේ මහනුවර ප්‍රධාන මාර්ගයේ මුන්වත්ත මලපට්ටාව ප්‍රදේශයෙන් නායයාමක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයට පහළින් වු නිවසක් සම්පුර්ණයෙන්ම යටවිය.