තමා නැවත දේශපාලනයේ උත්පත්තිය ලබන බව හිටපු ජනපති කියයි

Report
1Shares

නොකිලිටි විමුක්තිදායකයෙකු විසින් තුන්කල් දක්නා නුවණින් වගාකල බිමේහි අස්වැන්න නෙලාගත් සුවහසක් පුලතිසිපුර ගොවි ජනයාගේ හෘද සාක්ෂිය "මෛත්‍රී ප්‍රසාද ප්‍රණාම " උත්සවය ඊයේ (30) පෙරවරුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදි පැවත්විණි.

පොලොන්නරුව දිස්ත්‍රික් පළාත් පාලන සංසදයේ නියෝජිතයන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබුණි‍.

උත්සව සභාව ඇමතූ හිටපු ජනාධිපති පවසා සිටියේ ජනාධිපති ධුරයෙන් නික්ම ගියත් තමා නැවත දේශපාලනයේ උත්පත්තිය ලබන බවත් නින්දා අපහාස හමුවේ නොසැලී ඉදිරියටත් පොදු මහජනතාව වෙනුවෙන් කැපවෙන බවත්ය.

අමාත්‍ය දයාසිරි ජයසේකර, පොලොන්නරුව නගරාධිපති චානක රණසිංහ යන මහත්වරුන් සහ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.