සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වෙයි

Report
1Shares

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද(02) ආරම්භ වෙයි.

ඒ,පෙරවරු 08 .30ටයි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙවර විභාගය සඳහා අයඳුම්කරුවන් හත්ලක්ෂ 17,008 දෙනෙකු පෙනී සිටීමට නියමිත බවයි.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වන දින දක්වා පැවැත්වෙන අතර දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී විභාගය පැවැත්වීමට නියමිතයි.

එසේම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විභාග මධ්‍යස්ථානය වෙත පිවිසීමට නොහැකි වන විභාග අපේක්ෂකයින් සඳහා ලඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගයට පෙනී සිටීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසීය.