අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 12කට බලපෑම්

Report
1Shares

දිස්ත්‍රික්ක 12කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය නිසා පවුල් 650කට අයත් පුද්ගලයන් 2260 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසා සිටියේ එම පිරිසගෙන් පවුල් 83කට අයත් පුද්ගලයන් දෙසිය අනූහතක් ආරක්ෂිත කඳවුරු තුනක රඳවා සිටින බවයි.