අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකරමින් සිටි අයෙකු අත්අඩංගුවට

Report
1Shares

නීත්‍යානුකුල අවසරයකින් තොරව ඩ්‍රෝන කැමරාවක් ගුවන් ගතකරමින් සිටි පුද්ගලයෙකු නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේදී නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, යුද හමුදා බුද්ධි අංශය සිදුකළ දැනුම් දීමකට අනුවයි.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා නුවරඑළිය පොලිසිය වෙත භාර දී තිබේ.