බදු සහන ඊයේ සිට ක්‍රියාත්මකයි- ඇමති බන්දුල කියයි

Report
1Shares

රජය ප්‍රකාශයට පත් කරන ලද භාණ්ඩ හා සේවා බදු සහන ඊයේ (01) දින සිටත් ලබන ජනවාරි පළමු වැනිදා සිට සෘජු බදු සහනත් ලබා දීමට කටයුතු කරන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, සම කැබිනට් ප්‍රකාශක ඇමැති බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මේ අනුව සියලුම භාණ්ඩ හා සේවා මත පනවා තිබු සියයට 15ක වැට් බද්ද සහ ජාතිය ගොඩනැඟීමේ සියයට 2ක වැට් බද්ද එකතුවු වී තිබු සියයට 17 වැට් බද්ද සියයට 8 ක් දක්වා අඩුකර ඇති බව ඇමැතිවරයා අවධාරණය කරයි.

ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.