කැනඩාවේ මහ කොමසාරිස් සහ චින විශේෂ නියෝජිත ජනපති හමුවෙයි

Report
1Shares

ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් Daved Mckinnon මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.

මෙහිදී ජනාධිපතිවරයා මහ කොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක නිරත වූ අතර මහ කොමසාරිස්වරයා කැනඩා රජය වෙනුවෙන් සිය සුභාශීංසන ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

මේ අතර චීන ජනරජයේ රාජ්‍ය මණ්ඩලයේ විශේෂ නියෝජිතයෙකු මෙන්ම චින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කරනු ලබන ශ්‍රී ලංකාවේ හිටපු චීන තානාපති Wu Jianghao මහතා ද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.