බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් දෙදෙනෙකු මියයයි

Report
1Shares

අම්බලන්ගොඩ, ඌරුවත්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇති බව වාර්තා වෙයි.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අද(02) සවස 2.00ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.