මින් ඉදිරියට කොමිස් වලට තිත-ඇමති මහින්ද අමරවීර

Report
2Shares

ඉදිරියට තමන් යටතේ තිබෙන අමාත්‍යාංශයේ හෝ ඒ යටතේ තියෙන ආයතනවල සැපයුම්වලදී හෝ ඉදිකිරීම්වලදී කිසිදු කොමිස් මුදලක් ලබාගැනීමට ඉඩ නොතබන බව මගී ප්‍රවාහන කළමණාකරණ හා විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමතිවරයා මෙම අදහස් පළකලේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ ඊයේ පැවැති ජනහමුවකට සහභාගි වු අවස්ථාවේදීය

මෙහිදී අදහස් දැක්වු ඇමතිවරයා ,මින් ඉදිරියට ආයතනවලට සැපයුම් හා ඉදිකිරීම් වලදී සියළු කොමිස් මුදල් අඩුකර ඒ සැපයුම් හා ඉදිකිරීම්

කටයුතු කළ යුතු කල යුුතු බවයි.'' ඔබ දන්නවා මේ අමාත්‍යාංශය දූෂණයෙන්, වංචාවෙන් හා කොමිස්වලින් පිරිච්ච අමාත්‍යාංශයක් බවට. මේ අමාත්‍යාංශයෙන් තමයි බාල පෙට්ට්‍රල් ගෙන්නුවේ. කොමිස් මුදල් අරන් පෙට්ට්‍රල් ෂෙඩ් දුන්නේ. මේ තත්ත්වය වෙනස් කරන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අවශ්‍ය වුණා. වංචාවෙන්, දුෂණයෙන් තොර පුද්ගලයෙකුට මේ අමාත්‍යාංශය භාර දෙන්න. ඒ නිසයි මේ අමාත්‍යාංශය මට භාර කළේ. ඒ ඒ කොමිස් මුදල් අමාත්‍යවරයාටත් ගියා. නිළධාරීන්ටත් ගියා. ඒ වගේම රැකියා දීලා තියෙන්නෙත් ලක්ෂ ගණන් මුදල් අරගෙන. මින් ඉදිරියට ඒවා කරන්න මම ඉඩ තියන්නේ නැහැ. කොමිස් මුදල් අඩු කරලා නියම මිල ගණන්වලට ඒ සැපයීම් හා ඉදිකිරීම් කටයුතු කළ යුතුයි. ඒ වගේම මගේ අමාත්‍යාංශය යටතේ රැකියා දීමේදීත් සුදුසුකම් අනුව නියම ක්‍රමවේදයකට අනුවයි මම රැකියා දෙන්නේ.

ඛනිජතෙල් අමාත්‍යාංශයෙත් රැකියා ගන්න රැපියල් ලක්ෂ ගනන් දීපු අයත් ඉන්නවා. ඒ අයට අද සල්ලිත් නෑ. රැකියාත් නෑ. ඒ නිසා මගේ අමාත්‍යාංශයේ රැකියා ලබාගන්න කිසිකෙනෙකුට සල්ලි දෙන්න එපා. මොකද අපිට මේ ආදර්ශය ලබාදීලා තියෙන්නේ අපේ නායකයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා. එතුමා පොරොන්දු නොවිච්ච දේවලුත් අද ඉටු කරල තියෙනවා. එතුමා කිව්වේ නැහැ පරිවාර වාහන අඩු කරනවා කියලා, කාර්යය මණ්ඩල අඩුකරනවා කියලා ඒත් එතුමා ඒ දේවල් අද කරලා තියෙනවා. ඒ

වගේම අද ජනතාවට ආරක්ෂාව පිළිබඳවත් විශ්වාසයක් තියෙනවා. සහරාන්ලට, ප්‍රභාකරන්ලට බෝම්බ පත්තු කරන්න ආයේ ඉඩක් නැහැ. අද මිනිහෙක් පාරේ කුණු ටිකක් දාන්නේ නැහැ. ඒ වගේම පෝස්ටර්වලින් කැත කරපු තාප්ප තරුණ තරුණියන් ස්වේච්ඡාවෙන් එකතු වෙලා චිත්‍ර ඇඳලා ලස්සන කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඡන්දය දීපු අය විතරක් නෙවෙයි ඡන්දය නොදීපු අයත් අද සතුටට පත්වෙලා ඉන්නේ. ඒ එතුමා රටටම දුන්නු ආදර්ශය නිසයි. ඒ ආදර්ශය තුළින්ම මේ රට ගොඩනඟන්න අපි එතුමාට පූර්ණ සහයෝගය ලබාදිය යුතු බවද මහින්ද අමරවීර මහතා මෙහිදී පැවසුවේය.