සිමෙන්ති මිල අඩුවෙයි

Report
1Shares

දේශීය සිමෙන්ති මිල පහත දැමීමට රජය තීරණය කර ඇත. අභ්‍යන්තර, වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේ කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100 කින් පහත දමා ඇති බවයි. ඒ අනුව මෙරට නිෂ්පාදිත සිමෙන්ති කොට්ටයක දැනට පවතින රුපියල් 1095ක මිල රුපියල් 995 දක්වා අඩු කෙරෙනු ඇත.