ශ්‍රී ලංකාව බෞද්ධ රටක් නොවන බවට විග්නේෂ්වරන් කියයි

Report
1Shares

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීමට කිසිදු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු ප්‍රකාශ කළේ මහා වංශය වැනි ඉතිහාස ලේඛණ පාලි භාෂාවෙන් රචිත ප්‍රබන්ධ කතා බවයි ඔහු පෙන්වා දෙයි.

එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රටක් ලෙස අර්ථ ගැන්වීම මුළුමනින් වැරදි බවත්, ඔහු සතිපතා පවත්වන මාධ්‍ය හමුවේ දී කියා සිටියි.

උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ බෞද්ධ භික්ෂුන් වහන්සේ විසින් සිංහල ප්‍රජාවට පාලි බසින් ප්‍රබන්ධ කතා නිර්මාණය කරමින් වැරදි අර්ථ ගැන්වීම් ලබා දී ඇති බවයි.

සිංහල ඉතිහාසඥයින් මෙන්ම බෞද්ධ භික්ෂුන් වහන්සේ පවා ඉතිහාසය ලෙස ව්‍යාජ ප්‍රබන්ධයන් ගොඩනැගීමට විශාල ප්‍රයත්නයක් දරා ඇති බව ද විග්නේෂ්වරන්ගේ මහතාගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ උතුරු - නැගෙනහිර ප්‍රදේශවල කිසිදු සිංහල - බෞද්ධයෙකු වාසය කර නොමැති බවත්, ඔහු සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව කිසිදු ලෙසකින් සිංහලයන්ගේ නිජ භූමියක් නොවන බවත්, සැබෑ මුල්වැසියන් වන්නේ දෙමළ වැසියන් වීම හේතුවෙන් අතීතයේදී ශ්‍රී ලංකාවේ ජීවත්ව ඇත්තේ දෙමළ බෞද්ධයන් බව සිය එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරයි.

සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සහ චීන ජාතිකයන් අතීතයේදී ශ්‍රී ලංකාවේ එකාවන්ව ජීවත්ව ඇති බවත්, සිංහල ප්‍රජාව ශ්‍රී ලංකාව ඔවුන්ගේ බවට හිමිකම් ප්‍රකාශ කිරීමෙන් පසු ජාතීන් අතර, බිඳ වැටීම් ඇතිවූ බවත්, උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් වැඩිදුරටත් කියා සිටියිග