ගුවන් යානා අනතුර ගැන සොයන්න කමිටුවක්! කාන්තාවක් රෝහල් ගත කෙරේ

Report
25Shares
තුන්වන ඇමුණුම

හපුතලේ ප්‍රදේශයේ දී ගුවන් හමුදා Y-12 වර්ගයට අයත් සැහැල්ලු ගුවන් යානයක් අනතුරට පත්වීම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත කමිටුවක් පත් කර තිබෙන බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප්‍ කපිතාන් ගිහාන් සෙනවිරත්න ප්‍රකාශ කර සිටිනවා.

මේ අතර මෙම ගුවන් යානය අනතුරට ලක්වූ ස්ථානය අසල නිවසේ සිටි කාන්තාවක් ඇතිවූ කම්පනය හේතුවෙන් හපුතලේ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය සදහන් කර සිටිනවා.

දෙවන ඇමුණුම
ගුවන් අනතුරෙන් සිව් දෙනෙකු මරුට !
හපුතලේ ප්‍රදේශයේ අද අනතුරට ලක්වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටෙර් යානයේ සිටි සිව් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ගුවන් හමුදාව පවසනවා.
පළමු ඇමුණුම
සැහැල්ලු ගුවන් යානයක් හපුතලේට කඩා වැටේ !!

හපුතලේ, තම්බපිල්ලේ ප්‍රදේශයට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටී තිබෙනවා.

මේ පිළිබඳව අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමසීමක් කළා. එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ අදාළ සැහැල්ලු ගුවන් යානාව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බවයි.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ ගුවන් යානාව වීරවිල ගුවන් හමුදා කඳවුරේ සිට පියාසර කර ඇති බව සඳහන් වනවා. එය වයි 12 වර්ගයේ සැහැල්ලු ගුවන් යානාව බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදා පවසන්නේ.

එහි තිබී පුද්ගල මළ සිරුරූ දෙකක් ආරක්ෂක අංශ විසින් සොයා ගෙන ඇති බව වාර්තා වනවා.