ජනපතිට ආචාර වෙඩි මුර නැහැ" එම පුවතත් සමගින් ගගන හිමිදිරිය

Report
6Shares

නව පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කිරීමට පැමිණෙන ජනාධිපතිවරයා වෙනුවෙන් සූදානම් කර තිබූ ත්‍රිවිධ හමුදා උත්තමාචාරය සහ ආචාර වෙඩිමුර විසිඑක සිදුකිරීම අවලංගු කර ඇත.

ඒ අනූව පොලිස් අශ්වාරෝහකයන් පෙරටු කර ගත් රිය පෙරහරකින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තු සංකීර්ණය වෙත කැඳවාගෙන ඒමේ අවස්ථාවද සිදු නොකරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේය.

ජනාධිතිවරයාගේ ඉල්ලීම මත හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර අවලංගු කළ බවද වේත්‍රධාරිවරයා පවසයි.

ඒ පිළිබඳව හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.