රන් මිල වාර්තාගත ලෙස ඉහල යාමක්!!

Report
4Shares

ශ්‍රී ලංකා ඉතිහාසයේ මුල්වරට රන් මිල රුපියල් 79000 ඉක්මවා ගොස් වාර්තාගත ලෙස ඉහල යෑමක් අද වාර්තා කළා. ඒ ලෝක වෙළඳපොලේ පසුගිය මාසය පුරාවටම රන් මිල ඉහල යාමත් සමගින්. ඒ අනුව කැරට් 24ක රන් පවුමක මිළ 79000 ඉක්මවා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් අමෙරිකානු ඩොලරය සමග සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ රුපියලේ අගය දැන් නැවතත් අවප්‍රමාණය වී තිබෙනවා. එම නිසා ශ්‍රී ලංකාවේ රන් මිළ ශීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇති බවයි වෙළඳපොළ වාර්තා පවසන්නේ.

ඒ අනුව ලෝක වෙළඳ පොලේ කැරට් 24ක රන් අවුන්සයක මිල ඇමෙරිකානු ඩොලර් 1543.70ක් ලෙස අද සටහන් වී තිබෙනවා. එහි ශ්‍රී ලංකා අගය රුපියල් 280355.92 වනවා.