කුඩා දැරියට පහර දුන් සුලු මව ඇතුලු පිරිස අත්අඩංගුවට!!

Report
3Shares

නිකවැරටිය, ගනේගොඩ යාපලාන ප්‍රදේශයේ දැරියකට කාන්තාවන් දෙදෙනෙකු දරුණු ලෙස පහර දෙන දර්ශන පෙළක් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමඟ ඒ පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වුනා. ඒ අනුව එලෙස දහතුන් වියැති දැරියකට අමානුෂික ලෙස පහර දීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරිනියක්, දැරියගේ පියා සහ ගැබිණි සුලු මව ඊයේ (03) රාත්‍රියේදී කොටවෙහෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ග්‍රාම නිලධාරිනිය කොටවෙහෙර අලුත්ගම පදිංචි තැනැත්තියක් වන අතර ඇගේ සහෝදරිය සහ ඇගේ ස්වාමියාද ඔහුගේ දියණියද මෙම නිවසේ පදිංචියට පැමිණ සිටියදී මෙලෙස පහර කෑමට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ වන විට දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. මීට පෙරද අවස්ථා ගණනාවකදී පියා සහ සුලුමව මෙම දැරියට පහර දී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කරනවා.

සැකකාරියන් දෙදෙනා සහ සැකකරු හෙට (05) දින නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.