රන්ජන්ගේ දුරකථන සංවාද ගැන අද සිට විමර්ශන ආරම්භ කෙරේ

Report
1Shares

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද(13) දිනයේ සිට ආරම්භ කරන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ මේ වන විට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී ඇති බවයි.

මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කරනු ලැබීය.

1004 total views