කැලණිය අවට ප්‍රදේශ රැසකට පැය 24ක ජල කප්පාදුවක්

Report
1Shares

පෑලියගොඩ සහ කැලණිය අවට ප්‍රදේශ රැසකට අද(13) දින පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, කැලණි ගඟ දකුණු ඉවුර ජල ව්‍යාපෘතියේ 11 වන අදියරේ අත්‍යාවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් හේතුවෙන්.

පෑලියගොඩ වත්තල - මාබෝල නගර සභා බල ප්‍රදේශ, කැලණිය ප්‍රාදේශීය සභා බල ප්‍රාදේශයේ හැඳල, ඇලකන්ද සහ පල්ලියවත්ත යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය සඳහන් කළේ. මීට අමතරව බියගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ මගුරුවිල පාර, විජයරාම මාවත, කේ.ඊ.පෙරේරා මාවත, ගෝනවල, පමුණුවිල සහ බතලහේනවත්ත යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවත් ජාතික ජල සම්පාදන ජලාපවහන මණ්ඩලය පවසයි.