මෙරට විදුලි බලයේ ස්වර්ණමය යුගය ' මහින්ද රාජපක්ෂ යුගයයි''- ඇමති මහින්ද අමරවීර.

Report
1Shares

මෙරට විදුලිබල ක්ෂේත්‍රයේ ස්වර්ණමය අවදිය 2010- 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමය තුළ යැයි විදුලි බල අංශයේ කීර්තිමත් විද්වතුන් කිහිප දෙනෙක්ඔ විදුලි බල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මහතාට ප්‍රකාශ කළේය

එම පිරිස පසුගිය දා ප්‍රවාහණ සේවා කළමනාකරණ, විදුලිබල හා බලශක්ති ඇමති මහින්ද අමරවීර මැතිතුමා හමුවී සාකච්ඡා කළ අතර මෙරට විදුලි බල ක්ෂේත්‍ර යේ උන්නතිය උදෙසා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු යෝජනා රැසක් ද ඇමතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. එමෙන්ම ඉදිරියේ දී අවශ්‍ය සහයෝගය තම දැනුම හා අත්දැකිම් තුළින් ලබා දීමට සූදානම් බව ද ඔවුහු ඇමතිවරයාට ප්‍රකාශ කළේය.

2010-2014 කාලය තුල මෙරට ශක්තිමත් දේශපාලන නායකත්වයක් පැවැති නිසා තීන්දු තීරණ ගැනීමේ දී කිසිදු පැකිළීමකින් තොරව එම තීරණ ක්‍රියාත්මක කිරීමට හැකි වූ හෙයින්, මහා පරිමාණ ව්‍යාපාති රැසක් ක්‍රියාත්මක කිරීමට හැකිවිය. විවිධ උද්ඝෝෂණ නිසා නැවැත්වීමට තීරණය කර තිබූ නොරොච්චවෝල ගල් අගුරු බලාගාරය, ඉහළ කොත්මලේ ජල විදුලි බලාගාරය වැනි විදුලි බලාගාර 10කට වැඩි ප්‍රමාණයක මෙරට ඉදි වුයේ එවකට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය නිසා බව ඔවුන් අවධාරණය කළේය.

එහෙත් 2015-2019 දක්වා යහපාලන රජය තුල විදුලි ඒකකයකින් හෝ ප්‍රධාන විදුලි පද්ධතියට අලුතින් එක් නොවීය. 2015-2019 දක්වා කාලය තුළ මෙරට විදුලි ඉල්ලුම සියයට 27කින් ඉහළ ගියද, විදුලි සැපයුම අඩු තරමින් සියයට 02කින්වත් ඉහළ දැමීමට නොහැකි වුයේ එවකට රටට ඝෘජු නායකත්වයක් නොතිබු නිසා බවත් ඔවුහු අවධාරණය කළේය.

ක්‍රියාත්මක කිරීමට අනුමත කර තිබු විදුලි ව්‍යාපෘති සියල්ලම අඩාල කර තිබුනේ විදුලි බල නිෂ්පාදනය පිලිබද හරි දැක්මක් නොතිබු බැවිනි. ලංකා විදුලි බල මණ්ඩලය 2014 දී විශාල ලාභයක් උපයා ගත්තත් 2019 අවසන් වන විට රු. කෝටි 20.000ක ණය උගුලක එම මණ්ඩලය හිර වී තිබේ. පසුගිය රජය විසින් එක් විදුලි බලාගාරයක් හෝ ඉදි නොකිරීම නිසා මෙම වර්ෂය තුළ ද අඩු තරමින් රු. කෝටි 6500ක පමණ ණයක් නැවතත් එම ණය ගොඩට එක්වීමේ අවදානමක් පවතී.

මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඝෘජු තීරණ මත නොරොච්චෝළේ ගල් අගුරු බලාගාරය ඉදි නොකළානම් මේ වනවිටත් මුලු රටම අඳුරේ පවතින්නට ඉඩ තිබු බව ද එම විද්වත්හු පැවසූහ. අඩුපාඩු ඇතත් නොරොච්චෝළේ මේ වනවිට රටට අවශ්‍ය විදුලි අවශ්‍යතාවය ශක්තිමත් කිරීමට ඉවහල්ව තිබේ. ඉදිරි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දි එම අඩුපාඩු සියල්ලම හඳුනාගෙන ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරභාවය රැකෙන පරිදි එනම්- ජල විදුලිය,ගල් අගුරු, ගෑස් , සුළං, හා සූර්ය බල වශයෙන් සියලුම විදුලි උත්පාදන ව්‍යාපෘති ආරම්භ කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන ලෙස ද ඉල්ලිමක් කළේය.

එමනිසා කෙටිකාලීනව ක්‍රියාත්මක කළ හැකි අනුමත විදුලි ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර ගන්නා ලෙසත්, මේ වනවිට යළිත් රටට ශක්තිමත් නායකත්වයක් ලැබී තිබෙන බැවින් එම විදුලි ව්‍යාපෘති සියල්ලම ක්‍රියාත්මක කිරීමේ පසුබිම ගොඩ නැගී ඇතැයි ද එම විද්වත්හු පැවසූහ.විශේෂයෙන් මේ වනවිට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාත්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාටත් රටේ නායකත්වය නියෝජනය කරන බැවින් ඉතාමත් සුදුසුම අවස්ථාව මෙය බවත් ඔවුහු පැවසූහ.

නොරොච්චවෝල ගල් අගුරු බලාගාරය 3 සහ 4, කෙරවලපිටිය, උමාඔය බ්‍රෝඩ්ලන්ඩ්, මොරගොල්ල, හා තවත් ගල් අගුරු බලාගාර දෙකක් ඉදි කිරීම වැනි ව්‍යාපෘති රැසක් දැනට අනුමතව පවතින හෙයින් මෙම වසර තුළ අවම වශයෙන් බලාගාර හතරක ඉදි කිරීම් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා මෙහිදී පැවසූහ