වරකාපොළ සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් මියයයි

Report
1Shares

වරකාපොළ, දොරවක ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තවත් කාන්තාවක් බරපතළ තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීම අද(14) පෙරවරු 5.30ට පමණ සිදුව ඇතැයි පොලීසිය පවසයි.

මෙම වෙඩි තැබීමෙන් 22 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ මව වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.