රුසියානු විදේශ කටයුතු ඇමති දිවයිනට

Report
1Shares

රුසියානු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Serjev Lavrov ) ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද(14) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඒ, අද උදෑසන 6.35ට රුසියාවේ මොස්කව් නුවර සිට පැමිණි රුසියාවට අයත් විශේෂ ගුවන් යානයකින්.

ඔහු සමඟ දූත පිරිස 42ක් ද පැමිණ සිටි අතර ඔවුන් පිළිගැනීම සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් මෙන්ම, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ තානාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.