බස් රථ අනතුරකින් 20දෙනෙක් රෝහල් ගත කෙරේ

Report
1Shares

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් සහ මහනුවර සිට හැටන් දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

ඒ, අද(14) පෙරවරු 8.00ට පමණ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන දියගල නායයාමට ලක් වූ ස්ථානයේදියි.

බස් රථ දෙකෙහිම ගමන් ගත් මගින් 20 දෙනෙකු මෙම අනතුරින් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

ගිනිගත්හේන පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි.

කෙසේනමුත් අනතුරෙන් තුවාල ලැබූ තුවාලකරුවන් කිහිප දෙනෙකු නාවලපිටිය දිස්ත්‍රික් රෝහල වෙත මාරු කර යවා ඇති බවත් සඳහන්.