UPDATE:රංජන් රාමනායක අත්අඩංගුවට

Report
3Shares

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, ඔහුගේ මාදිවෙල පිහිටි නිවසේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය.

ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් සළකා බලමින්.

මේඅතර පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයද තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඒ, රන්ජන් රාමනායක මහතා සිදුකරන ලද දුරකතන සංවාද හේතුවෙන් ඇතිවී තිබෙන වාතාවරණය හමුවේ පක්ෂය විසින් ගන්නා ලද විනය ක්‍රියා මාර්ගයක් ලෙසයි.

_______________________________________________________________________

කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරී (CCD) කණ්ඩායමක් මාදිවෙල පිහිටි රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ නිවසට පැමිණ ඇත.