හරිදේ කර නොබියව වැඩ කලොත් එෆ්.සී.අයි.ඩී ., සී.අයි.ඩි .නෙමේ එල්ලුම් ගහට වුනත් යන්න සුදානම් -සු.කො.ජෙ.ඒ බෝදරගම

Report
හරිදේ කර නොබියව වැඩ කලොත්  එෆ්.සී.අයි.ඩී ., සී.අයි.ඩි .නෙමේ එල්ලුම් ගහට වුනත් යන්න සුදානම් -සු.කො.ජෙ.ඒ බෝදරගම
20Shares

නොබියව වැඩ කරන්න මා ඒ සදහා නායකත්වය දෙනවා. එසේ කලවිට මම තමුන්නාන්සේලා වෙනුවෙන් එෆ්.සී.අයි.ඩී ., සී.අයි.ඩි .නෙමේ,හරිදේ කරලා මා එල්ලුම් ගහට වුනන් යන්න ලැස්තියි .මට ඒ ධෛර්ය ශක්තිය මේ රජයෙන් ලැබිලා තිබෙනවා. එම නිසා හරිදේ කරන්න ,හරිදේ කිරීමේදී තමන් නිලධාරින් සමග ඉන්නා බව සුරාබදු කොමසාරිස් ජෙනරාල් ආරියදාස බෝදරගම මහතා පැවසුවේය.

බෝදරගම මහතා එසේ පැවසුවේ සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වශයෙන් අද පෙරවරුවේ යෙදුන සුභ මොහොතින් සිය ධුරයේ වැඩ බාරගත් අවස්ථාවේදීය.

මෙහිදී අදහස් දැක්වු බෝදරගම මහතා ,මේ දෙපාර්තුමේන්තුව කාර්යක්ෂම කල යුතුයි .ඒ සදහා විශේෂයෙන් ම බලපත්‍ර අංශය , සේවා දායක පැමිණිමේ අංශය සදහා සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයාගේ පෞද්ගලික හා කාර්යාල දුරකථන අංකය ප්‍රදර්ශනය කල යුතුයි. පැය විසිහතරම තමන් සේවයට කැපවි ඇති සිටියි.එ බැවින් මේ ආයතනයෙන් නිසියාකාර සේවාව සිදුවුයේ නැත්නම් මාගේ දුරකථන අංකයට ඇමතිය හැකියි. කැබිනට් සේවා දායකයෙක් යම්කිසි සේවාවයට පැමිණ පැයභායගක් ඇතුළත රාජකාරිය සිදුවුයේ නැත්නම් සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අමතන්න.රජය බලාපොරොත්තුවන්නේ මේ දොපාර්තුමේන්තුවෙන් සේවාව ලබාගැනීමට ආ අයට හොද සේවාවක් ලබාදීමයි. ඔවුන් රස්තියාදු නොකල යුතුයි .විශේෂයෙන් බලපත්‍ර අංශයෙන්. වැඩවසම් යුගයේ මේන් ෆයිල් තියාගෙන ඉන්න එපා. හැම අංශයකම කාර්යක්ම සේවාවක් බලාපොරොත්තුවෙනවා.ඒ කාර්යක්ෂම රාජකාරිය අත්‍යාවශ්‍යම රාජකාරියක් විය යුතුයි.එය මේ දෙපාර්තුමේන්තුව කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් හැටියට සිදුවිය යුතුයි. මේ සියළු දේවල් අද සිට කාර්යක්ෂම විය යුතුයි .විශේෂයෙන් ඉලක්ක සපුරනවානම් ඒ ආදායම් ඉලක්ක අද සිට සැපයිය යුතුයි. සහකාර කොමසාරිස්වරු ,සුරාබදු අධිකාරීවරුන් තම තමන්ගේ බල ප්‍රදේශවල පාලනය බාර ගතයුතුයි. ඒ සම්බන්ධයෙන් ප්‍රධානකාර්යාලය ඇගිලි ගහන්නේ නැහැ. ප්‍රධාන කාර්යාලයේ සිටින නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරු ප්‍රධාන කාර්යාලයේ සිට ජාතික ප්‍රතිපත්ති සැදීමේ කටයුතුවල නිරත වනු ඇත.එම නිසා සහකාර සුරාබදු කොමසාරිස්වරු තම බලප්‍රෙද්ශ පාලනය කල යුතුයි .ඒවායෙන් පැමිණිලි එන්න බැහැ .එසේ ආවොත් ඒ පැමිණිලි සියල්ල විභාග කොට ඒවා ඔප්පුවුනොත් ඒඅයට තරා තිරම නොබලා නීතිමය පියවර ගන්නා බවද පැවසුවේය.

දේශපාලන බලපෑම් අදාල නැහැ .උස්මිටි පහත්කම් පාට පක්ෂ නැහැ.රාජකාරිය පමණක් ඉටුකරන්න .ඒවෙනුවෙන් තමන් පෙනිසිටිනවා.අදින්පසු කාර්යක්ෂම ,ආදර්ශමත් සේවාවක් සදහා කටයුතු කරන්න .සියළුම දෙනාගේ සමගිය ,කාර්යක්ෂම තාවය ,විනය ගරුක භාවය යන තුන හරිගියොත් මේ දෙපාර්තුමේන්තුවේ හැම දෙයක් ම සාර්ථක වෙයි.

අභියෝග ජයගැනීම සදහා ප්‍රධාන කර්මාන්ත හතරක් ඇති බව මේ රජය කියනවා .අපි ඒ ඔස්සේ යා යුතුයි.ජනාධිපතිතුමාගේ හා අගමැති තුමාගේ රටහදන සෞභාග්‍යෙයේ දැක්ම වැඩ සටහන යටතේ ,පලදායි පුරවැසියෙක් ,පලදායි රාජ්‍ය සේවකයෙක්,සතුටින් ජීවත්වන පවුලක් ,ගුණ ගුරුක සමාජයක් බිහි කල යුතුයි.අපේ දෙපාර්තුමේන්තුවේ ඉදිරියට යාමේ අභියෝගයට තමන් සහාය දීමට සුදානම් .සුරාබදු දෙපාර්තුමේන්තුව අභියෝග බාරගැනීමේදී ප්‍රමාද නොවී වැඩකල නිසාම මට මේ දෙපාර්තුමේන්තුවෙන් මුදල් අමාත්‍යංශයේ උපදේශකයෙක් වශයෙන් යන්න වුනා. මුදල් අමාත්‍යංශයේ උපදේශකයෙක් හැටියට පත්වී ගියපසු එක දවසක් වත් මා මුදල් ඇමති දැකලාවත් ,මට කථා කරලාවත් නැහැ. වසර දෙකහමාරක් මා කාමර අඩස්සියක තැබුවා. නමුත් .නමුත් මා එහිදි අසාර්ථකවු මිනිසුන්ගේ පොත්පත් කියෙව්වා. සුරාබදු දෙපාර්තුමේන්තුවට එක දොරකින් ඇතුල්වී එම දොරෙන්ම පිටවිය යුතුයි මේ දෙපාර්තුමේන්තුවට එන්නේ කවුද ,පිටවෙන්නේ කවුද කියා දන්නේ නැහැ. මේ දෙය හදුනාගත්තා නම්අපේ අදායම් ඉලක්ක ,සමාජය බලාපොරොත්තුවන සමාජ ඉල්ක වලට ලගාවීමට පුළුවන්.මේ දෙපාර්තුමේන්තුවේ සමගියක් නැහැ. සුරාබදු දෙපාර්තුමේන්තුව එක මාර්ගයකට යන්න කිසිම ෆයිල් එකක් තිබිලා නැහැ.විවිධ අය විවිධ ක්‍රමවේද වලට යාම නිසා සුරාබදු කොමසාරිස්වරුන්ට ඉදිරියට යන්න විදිහක් නැහැ. පසුගිය දිනවනල අපේ දෙපාර්තුමේන්තුවේ දැක්ක එක දෙයක් තමයි මිනිසුන් මීනී පෙට්ටි ගෙනත් උපවාස කලා.දෙපාර්තුමේන්තුවේ නිල ඇදුම් අදින දෙපාර්තුමේන්තුවක් හැටියට ජනතාව බලාපොරොත්තුවුන දේ ඉෂ්ඨ වුනේ නැතිනිසායි ඒ වාගේ දේවල් සිද්ධවුණේ. මේ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් මොකක්ද කරන්නේ කියා කනගාටු වුනා. සුරාබදු දොපාර්තුමෙන්තුව කියන්නේ සියළුම දෙනා එකට සෙල්ලම් කරන පිට්ටනියක් .මේකේ සියළුම දෙනා එකම කල්ලියකට ඇවිත් එක නායකයෙක් යටතේ වැඩ කල යුතුයි. ආදායම් ඉපයීමේ තුන්වන ස්ථානයේ ඉන්නේ සුරාබදු දෙපාර්තුමේන්තුවයි. මේ රටේ නායකත්වය බලාපොරොත්තුවන සෞභ්‍යාගයේ දැක්ම සදහා සුරාබ දු දෙපාර්තුමේන්තුව ආදායම් උපයා ගැනීම පමණක් නොව ජනතාවට හොද සේවාවක් ලබාදිය යුතුයි. විස මත්පැන් ඒ තුලින් ඇතිවන සමාජ විෂමාචාර ඉවත් කල යුතුයි. මා වසර දෙකහමාරක්සිටියා අඩි දහයේ කාමරයක් කොටුවී නමුත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය යටතේ සෞභග්‍යයේ දැක්ම යටතේ මේ රජය බලාපොරොත්වන කටයුත්ත සදහා මේ සියළු දෙනා වාද භේදයක් නැතිව වැඩ කරන්න ඔබලාගේ ආශිර්වාදය අවශ්‍යයි. පරික්ෂකවරයෙක් ලෙස සේවයට බැදුන මා සුරාබදු දෙපාර්තුමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශකඅංශය පිහිටවුවා.එවකට පඩියෙන් ජීවත්වන විදියට මා පුරුදු වී සිටියා.මා තුන්වන කැබිනට් පත්‍රිකාවෙන් මෙතනට ආවේ ප්‍රධාන කාර්යාලය ආදර්ශමත් විය යුතුයි .එවිට අනික් සියළුදේ සපල වෙන බවද මෙහිදී බෝදරගම මහතා වැඩි දුරටත් පැවසුවේය.

මෙම අවස්ථාවට නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරු,සහකාර සුරාබදු කොමසාරිස් වරු ,සුරාබදු අධිකාරීවරු ,මුදල් අමාත්‍යංශයේ නිලධාරින් ඇතුළු නිලධාරින් විශාල පිරිසක් සහභාගිවුහ.