ඡන්දය මඟ හැර රනිල් නැගිට යයි - සජිත්ට 52 ක් අත උස්සයි

Report
20Shares

එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්වීම, පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර කැමැත්ත බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා පැවසුවේය.

ඊයේ(16) සිරිකොතදී පැවති කණ්ඩායම් රැස්වීම සම්බන්ධයෙන් අද(17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී.පෙරේරා මහතා ප්‍රකාශ කළේ,

“කීහිපදෙනෙක්ම හිතනවා රනිල් වික්‍රමසිංහ මහතා මිය යන තුරුම නායකයා විය යුතු බව, කීහිපදෙනෙක් හිතවා රනිල් වික්‍රමසිංහ මහතා ගියොත් එක්සත් ජාතික පක්ෂය ඉවරයි කියලා. ඒත් අපිට එහෙම හිතෙන්නේ නෑ.

ඒ වගේම අපි දකිනවා එක්සත් ජාතික පක්ෂයට නායතක්වය දෙන්න පුළුවන් කිහිපදෙනෙක්ම මේ පක්ෂයේ සිටිනවා. අපි ඉල්ලා සිටින්නේ, පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ අතිමහත් බහුතරයක් මේ මතය දරන නිසා නායකතුමා ඉල්ලා අස්වෙලා. අළුත් නායකයෙක්, අළුත් නායකත්ව කණ්ඩායමක් සහ අළුත් ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දෙන්න කියලා“

මෙම මාධ්‍ය හමුවට එක් වූ හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියේ එජාපයේ මන්ත්‍රීවරුන් 77 දෙනෙක් සිටින බවත් ඉන් 39 දෙනෙකු කැමති වන පුද්ගලයා පක්ෂයේ බහුතර මතය නියෝජනය කරන බවයි.

ඒ අනුව ඊයේ දිනයේදී එජාපයේ කණ්ඩායම් රැස්වීම සඳහා මන්ත්‍රීවරුන් 65 දෙනෙකු සහබාගී වී සිටි බවත් ඉන් 52 දෙදෙනෙකු සජිත් ප්‍රේමදාස මහතාට කැමැත්ත පළ කර සිටි බව හර්ෂද සිල්වා මන්ත්‍රීවරයා කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරුන්..