බස් රථයක් සහ ටිපර් රථයක් ගැටී සිව්දෙනෙක් ජීවිතක්ෂයට-20ක් රෝහලේ

Report
27Shares

කතරගම - කොළඹ ප්‍රධාන මාර්ගයේ හුංගම, බටඅත ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිව්දෙනෙකු මරණයට පත්විය.

පොලීසිය පැවසූවේ ඊයේ(19) රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ බස් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් තවත් පුද්ගලයෙකු , කාන්තාවක් සහ වයස අවුරුදු 3ක කුඩා දැරියක් රන්න රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම ටිපර් රථයේ රියදුරු, බස් රථයේ ගමන්ගත් පිරිමි පුද්ගලයින් 7 දෙනෙකු , කාන්තාවන් 7 දෙනෙකු හා ළමුන් 5 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අනතුරින් තුවාල ලබා තංගල්ල මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටියි.

සිද්ධියෙන් මියගිය අයගේ මෘතදේහ තංගල්ල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වන විට තැන්පත් කර ඇත.

හුංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.