මාතර රෝහලේදී පිරිමියෙකුට බබෙක් හම්බවෙයි.

Report
322Shares

බඩේ කැක්කුමකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාතර මහ රෝහලට ඇතුළත් වූ කලිසමකින් සහ කමිසයකින් සැරසුණු රැවුලක් වවාගත් පුද්ගලයෙකු එහිදී දරුවෙකු ප්‍රසූත කර තිබෙනවා.

මෙම පුවත ප්‍රදේශය පුරා පැතිර යෑමත් සමග ඒ පුද්ගලයාගේ මිතුරන් ඇතුළු විශාල පිරිසක් ඔහු දැක ගැනීමට රෝහලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

මාතර නගරයට නුදුරු ගමක පදිංචිකරවෙකු වන මොහු පිරිමි නමක් දී රෝගීන් ලියාපදිංචි කිරීමේ ඒකකයට ඇතුළත්වී ඇත.

මුලින්ම රෝගියා පරීක්ෂා කළ වෙද්‍යවරයා ඔහු රෝහලේ පිරිමි වාට්ටුවට යොමුකර තිබේ.

එම වාට්ටුවේදී ඔහුගේ උදරය පරීක්ෂා කළ වෙනත් වෙද්‍යවරයෙකු ඔහුගේ කුස තුළ දරුවෙකු සිටින බව දැන කළබලයට පත්වී වහාම ඔහු ගැබිණි මව්වරුන් ප්‍රතිකාර ලබන වාට්ටුවට යොමුකර ඇත.

ඇඟපතේ රෝම කූප මුහුනේ රැවුල සහිතව බැලූ බැල්මට පිරිමියෙකුගේ ලක්ෂණ පෙන්නුම් කරන මොහු දුටු රෝහල් කාර්යය මණ්ඩලය ද පුදුම වී තිබේ.

පසුව දරු ප්‍රසූතිය ආසන්න වෙද්දී ඔහුව සූතිකාගාරයට රැගෙන ගොස් ඇති අතර එහිදී පිරිමි දරුවෙකු ප්‍රසූත කර ඇත.

ඒ පිළිබඳ වැඩි විස්තර හා දවසේ පුවත්පත් වල පලවී ඇති නවතම තොරතුරු රැසක් සමගින් "ගගන" හිමිදිරිය මෙතැනින් නරඹන්න.