යාපනය සරසවියේ වෛද්‍ය සිසුවියගේ ඝාතනයට හේතුව අනාවරණය වෙයි

Report
176Shares

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇති බව පොලීසිය පවසයි.

වෛද්‍ය පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි 29 හැවිරිදි විවාහක වෛද්‍ය ශිෂ්‍යාවක් ඊයේ(22) දහවල් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

යාපනය පන්නෙයි කොටුව අසලදී මෙලෙස ඊයේ දහවල් යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලැබූ සිසුවියකගේ ගෙල හා අත කපා ඝාතනය කොට අසල මුහුදට දමා පලා යමින් සිටි සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලීසියට භාර දී තිබුනි.

එසේ පොලීසිය අත්අඩංගුවට ගනු ලැබූවේ පරන්තන් හමුදා කඳවුරට අනුයුක්තව යාපනය වෛද්‍ය පීඨයේ සේවය කරන යුධ හමුදා වෛද්‍ය බළකායට අයත් හමුදා සෙබළෙක් වූ ලාන්ස් කෝප්‍රල් මද්දුමගේ දොන් එරංග දිලිප් කුමාර නමැති අයෙක්වයි.

පවුල් ආරවුලක් හේතුවෙන් 30 හැවිරිදි ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ බේරුවල බඳනාගොඩ ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති සිසුවියක් ඊයේ දින මෙසේ ඝාතනයට ලක් විය.මියගිය ශිෂ්‍යාවගේ බවට සැකකෙරෙන කුඩයක් හා සෙරෙප්පු දෙකක් ද මළ සිරුර අසල තිබී හමුවී තිබුනි.

සිසුවිය සැකකරු හමුවීමට යාපනය කොටුවට පැමිණ ඇති බවටත්, එහිදී දෙදෙනා අතර වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පසු සැකකරු තම අතෙහි තිබූ තියුණු ආයුධයකින් වෛද්‍ය සිසුවියගේ ගෙල හා අත කපා ඝාතනය කොට මුහුදට තල්ලුකර පලා යෑමට උත්සාහ කිරීමේදී ප්‍රදේශවාසීන් ඝාතකයා පසුපස ලුහුබැඳ ගොස් අල්ලා පොලිසියට භාරදුන් බවත් පොලිසිය පවසයි.

යාපනය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.