කසිප්පු පෙරු සැකකරුන් 2 කට රුපියල් 3 30 000/- ක් දඩ සමග මාස හතරක සිර දඩුවම්

Report
1Shares

මීගමුව ප්‍රදේශයේ අතහැර දමාතිබු කුකුළු කෑම නිෂ්පාදනාගාරයක් තුළ ඉතා රහසිගතව පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු මිගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කීරිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා රුපියල් 330 000/- දඩ මුදලක් හා මාස හතරක සිර දඩුවමක් නියම කොට ඇත.

අදාල කුකුළු කෑම නිෂ්පාදනාගාරය මසකට රුපියල් 50,000/-ක කුලී පදනම මත ලබාගෙන ඇති අතර එහි තිබී ගෝඩා බැරල් 36 ක්,කසිප්පු ස්ප්‍රීතු ලීටර් 1000 ක්,ගෝඩා ලීටර් 5000 ක්,තඹ බැරල් 06 ක්,ගෑස් සිලින්ඩර් 06 ක් කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

ගෝඩා පැසවීමේ දී ඇතිවන දුගද නැති කිරීම සදහා ගෝඩා බැරල් ජලයේ ගිල්වා තිබේ. එම හේතුව නිසා අවට ප්‍රදේශ වාසීන් හට කිසිදු දුගදක් හමා නොමැත. නිති විරෝධි මත්පැන් පෙරා ඉවත ලද ගෝඩා අපද්‍රව්‍ය පොලොව යට කොන්ක්‍රීට් වලකට මුදා හැර තිබේ.

සුරාබදු නියාමක සාලිත රණසිංහ මහතා සතියක කාලයක් තිස්සේ කරණ ලද විමර්ශනයකට අනුව අත්අඩංගුවට ගත් මෙම ස්ථානය සුරාබදු කොමසාරිස් ජෙනරාල් ඒ බෝදරගම මහතා ගේ ද නිරීක්ෂණයට ලක්කොට තිබේ.

අදාල සැකකරුවන් ගෑස් සිලින්ඩර් උපයෝගි කරගෙන මත්පැන් නිෂ්පාදනය කර ජාඇල ,කොළඹ හා වත්තල යන ප්‍රදේශවලට බෙදා හරින බවද සැකකරු සුරාබදු නිලධාරීන් ඉදිරියේ පාපොච්ජාරණය කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 හා 38 ප්‍රමාණයේ පසුවන්නන් වන අතර මිගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එක් අයෙකුට රුපියල් 165000 දඩ මුදලක් සමගින් මාස හතර බැගින් වු අනිවාර්ය සිරදඩුවම් නියම කොට ඇත.

කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී චන්න වීරක්කොඩි මහතාගේ උපදෙස් මත ,කොළඔ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන් .හේමන්න මහතාගේ අධීක්ෂණය යටතේ සුරාබදු නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.

කැප්ෂන්,