කොවිඩ්-නයින්ටීන් වෛරසයෙන් මියගිය ගණන 1486 දක්වා ඉහළට

Report
66Shares

කොවිඩ්-නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාව 1486 දක්වා ඉහළ ගොස් ඇත.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මෙම වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව මේ වන විට 65000 ඉක්මවා ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වෛරසය ආසාදනය වී සුවඅතට හැරී ඇති සංඛ්‍යාව 5954 ක් බවයි.

කෙසේනමුත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජපානයේ සිදුවූ පළමු මරණය ඊයේ දින වාර්තා වී තිබුනි.

එලෙස මියගොස් ඇත්තේ ටොකියෝ නුවර ආසන්නයේ ජීවත්වී ඇති 80 හැවිරිදි කාන්තාවක්.මේ අතර කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ වූහාන් ප්‍රාන්තයේ සිට මෙරටට පැමිණ දියතලාවේ රැඳී සිටින ශ්‍රී ලංකිකයින් පිරිස අද දින සිය ගම්බිම් බලා පිටත්ව යන බව යුද හමුදාව පවසයි.

හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, ඔවුන් යුද හමුදා මූලස්ථානයේදී අද දින යුධ හමුදාපතිවරයා ද හමුවීමට නියමිත බවයි.

33 දෙනෙකුගෙන් සමන්විත මෙම ශ්‍රී ලාංකිකයින් පසුගිය පළමුවැනිදා දිවයිනට රැගෙන ආවේ වූහාන් බලා ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකිනි.