අවසන් තීරණයක් ගැනීමට එජාප මන්ත්‍රිවරුන් කැඳවයි

Report
2Shares

'සමගි ජනබලවේගය' නව සන්ධානයෙන් තරඟ කිරීම පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(14) පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ව කැඳවා තිබේ.

නව සන්ධානය සඳහා එකඟතාව ලබා ගැනීමේ අරමුණින් එම කැඳවීම සිදුකර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ සජිත් පාර්ශ්වය 'සමගි ජනබලවේගය' නමින් පක්ෂයක් පිහිටුවා ඇති අතර එම නව සන්ධානය 'හදවත' ලකුණින් මහ මැතිවරණයට තරඟ කිරීම සඳහා තීරණය කර තිබුණ ද ඊට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල බහුතර සාමාජිකයින් එකඟ වූයේ නැත.

666 total views