උදයංග වීරතුංග රිමාන්ඩ් (UPDATE)

Report
36Shares

කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා මේ මස 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.

--------------------

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද(14) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින්.

හිටපු තානාපතිවරයා අද අලුයම 4.37ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බව ගුවන් තොටුපොළ ආගමන විගමන කාර්යාලය සඳහන් කළේය.

කෙසේනමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ඔහුගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.