කාන්තාවකට මරු කැඳවූ රිය අනතුර

Report
5Shares

වව්නියාව, මුරුගනූර් ප්‍රදේශයේදී අද (14) දින උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මරණයට පත් විය.

25වැනි වියෙහි කාන්තාවක් මෙසේ මියගොස් තිබුනි.

පොලීසිය සඳහන් කළේ අඹු-සැමි යුවලක් ගමන්ගත් ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය ආසන්නයේ තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ඇයගේ ස්වාමිපුරුෂයා තුවාල ලබා වව්නියාව රෝහලට ඇතුළත් කොට ඇති බවයි වව්නියාව පොලීසිය කියා සිටියේ.

ඔහුගේ තත්ත්වය බරපතළ වන බවයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වව්නියාව රථවාහන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.