මාකොලින් කුඩු ජාවාරම් කරුවන් 12 ක් සුරා දැලේ

Report
1Shares

මාකොල ප්‍රදේශයේ කල සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ජාවාරමේ යෙදුන සැකකරුවන් 12 දෙනෙකු ඊයේ (13)දිනයේ පුගොඩ සුරාබදු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 230 ක් තිබු බව පුගොඩ සුරාබදු ස්ථානාධිපතිවරයා පවසයි.

සැකකරුවන් මාකොල ප්‍රදේශයේ ඉතා රහසි ගතව කාලයක් තිස්සේ කුඩු ජාවාරමේ නිරව වුවන් බවත්, එක් දිනක් තුළදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් 12 දෙනා හෙරොයින් කුඩා වට පැකට් කර රුපියල් 100/ සිට ඉහළ මිල ගණන් යටතේ ඉතා සුක්ෂම අයුරින් අලෙවි කරන බවද සුරාබදු නිලධාරීන් ප්‍රශ්න කිරීමේදිි පාපොච්ජාරණය කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඉදිරියේදී පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම මහතාගේ උපදෙස් මත ,ගම්පහ සහකාර සුරාබදු කොමසාරිස් ආර්.එම්.පී.බී ධර්මකීර්ති මහතාගේ හා ගම්පහ සුරාබදු අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ ,පුගොඩ සුරාබදු ස්ථානාධිපතිවරයා හා සුරාබදු පරීක්ෂක අයි.පී සුරවීර යන මහත්වරු මහත්වරු නිලධාරීන්ගේ සහාය ඇතිව මෙම වැටලීම සිදු කළහ.