ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වැඩ භාර ගනියි

Report
3Shares

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කොමාණ්ඩර් ගීත් ජයලත් අද (14) වැඩ භාර ගනු ලැබීය.

බටහිර විධාන මුලස්ථාන සරඹ පිටිය පරිශ්‍රයේදී එම භාර දීමේ භාර ගැනීමේ උත්සව අවස්ථාව පැවැත්වූ අතර, නෞකාවේ හිටපු අණදෙන නිලධාරි, කොමාණ්ඩර් මොහොමඩ් අර්සාද් විසින් නව අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් ගීත් ජයලත් හට ශ්‍රී ලංකා නාවික නෞකා එඩිතර II නෞකාවේ අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් නිල වශයෙන් භාර දීම සිදු කරන ලදි.

ඒ සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය වෙනුවෙන් බටහිර නාවික විධාන නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සුනිල් සේනාරත්න ද සහභාගී විය.

නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් විය.