උණුසුම් කාලගුණය ගැන අදත් රතු නිවේදනයක්

Report
39Shares

වයඹ සහ බස්නාහිර පළාත්වලට සහ මන්නාරම, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම "වැඩි අවධානය" යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, නිවේදනයක් නිකුත් කරමින්.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම සහ සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම යෝග්‍ය බවයි. එසේම සුදු හෝ ලා පැහැති සැහැල්ලු ඇඳුම් අඳින ලෙසත් එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කුඩා ළමුන් වාහන තුල තනියම රඳවා නොයන ලෙසත් වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් දැනුම් දෙයි.

2555 total views