කොවිඩ්-නයින්ටීන් වෛරසය 2800ක් බිලි ගනී

Report
21Shares

නව කොරෝනා හෙවත් කොවිඩ්-නයින්ටීන් වෛරස ආසාදනය වීමෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 2800 දක්වා ඉහළ ගොස් ඇත.

ලොව පුරා පුද්ගලයින් 81,700දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වෙතත් වෛරසය නිසා මේවන විට චීනයේ පමණක් 2718දෙනෙකු මරණයට පත්වී අවසන්.

චීනයේ වූහාන් නගරයෙන් පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පළමුවරට වාර්තා වූ නව කොරෝනා වෛරසය මේ වනවිට ලෝකයේ රටවල් 46ක ව්‍යාප්ත වී ඇත.

පාකිස්තානය, නෝර්වේ, ජෝර්ජියාව ,රුමේනියාව ,ඩෙන්මාර්කය සහ උතුරු මැසිඩෝනියාව, කොරෝනා ආසාදිතයින් වාර්තා වූ අලුත්ම රාජ්‍යයන් වෙයි.

මේ අතර ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ සිටි ශ්‍රී ලාංකික කාර්ය මණ්ඩල සාමාජිකයින් දෙදෙනාට කොරෝනා වෛරසය වැළදී නොමැති බවට තහවුරු වීම හේතුවෙන් අද පෙරවරුවේ ඉන්දියාවේ නව දිල්ලි නුවර වෙත රැගෙනවිත් තිබෙන බව විදෙස් වාර්තා වල සඳහන්.