ලොවම කැලඹූ වෛරසයෙන් විපතට පත් වූවන් වෙනුවෙන් මහා පිරිත් සජ්ඣායනයක්

Report
12Shares

කොරෝනාවෛරස් රෝගී තත්ත්වයෙන් විපතට පත්ව සිටින ලෝකවාසීන්ට සහ විදෙස් ගත ශ්‍රීලාංකිකයන්ට ආශිර්වාද කිරීමේ මහා පිරිත් සජ්ඣායනයක් (29) පස්වරුවේ මහනුවර නාථදේවාල භූමි පරිශ්‍රයේදී සිදු කෙරේ.

මහනුවර නාථ දේවාල විහාර විහාරාධිපති පූජ්‍යගොමගොඩ රතනසාර හිමියන්ගේ ආශිර්වාදය මත, මහනුවර නාථ දේවාල බස්නායක නිලමේ ගයාන්හීන්කෙන්ද මහතාගේ මෙහෙයවීමෙන් සිටුවර ජන බල සංවිධානයේ ද සහභාගිත්වදායකත්වයෙන් මෙම පිරිත් සජ්ඣායනය සිදු කෙරේ.

පස්වරු 4.30ට ආරම්භ වන පිරිත්සඤ්ඤායනය පස්වරු 6.30 පමණ වන තුරු පැවැත්වෙන බව නාථ දේවාල බස්නායක නිලමේ ගයාන්හීන්කෙන්ද මහතා කීවේය.

පිරිත් සජ්ඣායනය සඳහා අස්ගිරි මල්වතු මහා විහාරපාර්ශවයන්හි මහා සංඝරත්නය ද ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංගදෑල මහතා සහ සිව්මහා දේවාලයන්හි බස්නායක නිලමේවරුන් ද සහභාගි වීමට නියමිතය.

1387 total views