කිංග්ස්වුඩ් නව විදුහල්පති හෙට වැඩ භාරගනී

Report
2Shares

මහනුවර කිංග්ස්වුඩ් විදුහලේ නව විදුහල්පතිවරයා ලෙස උපාලි චන්ද්‍රකුමාර මහතා හෙට(28) වැඩ භාර ගනී.

නාවලපිටිය අනුරුද්ධ කුමාර විදුහලේ සහ මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේ ආදි සිසුවෙකු වන චන්ද්‍රකුමාර මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී විශේෂ උපාධිදරයෙකි.

කොත්මලේ කලාපයේ හා මහනුවර කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු (සැලසුම්) ලෙස කටයුතු කළ මොහු මධ්‍යම පළාත් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) ලෙස ද 2006 වර්ෂයේ සිට මේ දක්වා කටයුතු කර ඇත.

ඒ අතර 2016 සිට 2019 දක්වා රණබිම රාජකීය විදුහලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ චන්ද්‍රකුමාර මහතා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ අත්දැකීම් බහුල කීර්තිමත් නිලධාරියෙකි.

983 total views