රතන හිමිගෙන් ආණ්ඩුවට යෝජනාවක්

Report
2Shares

'පොහොට්ටුවෙන් මෙවර මහ මහ මැතිවරණයට අපේක්ෂකත්වය නොලැබුන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයින් විශාල පිරිසක් මෙන්ම පසුගිය සමයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනීසිටි වියතුන් රැසක් පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නායකත්වයෙන් යුතු 'අපේ ජන බල පක්ෂය' යටතේ 'කොඩිය' ලකුණින් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්වීමට තීරණය කර තිබෙනවා.

මේ අතර ජනප්‍රිය හිමිවරුන් රැසක් දිස්ත්‍රීක්ක නියෝජනය කරමින් 'කොඩිය' ලකුණ යටතේ මෙම මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අතර ඒ අනුව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන් බදුල්ල දිස්ත්‍රීක්කයෙන් ද පාහියංගල ආනන්ද සාගර හිමියන් ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ද ඉදිරිපත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා.

කෙසේ වෙතත් රට තුල පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉදිරි මහා මැතිවරණය කල් දමන ලෙසයි පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසන්නේ. උන්වහන්සේ මේ බව කියා සිටියේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.