ලොව පුරා කොරෝනා ආසාදිත සංඛ්‍යාව 200,000 ඉක්මවයි

Report
1Shares

නව කොරෝනා හෙවත් කොවිඩ්-නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොව පුරා අද වන විට මියගිය ගණන 8,000 ඉක්මවා ඇත.

ඒ, කොරෝනා මරණ සංඛ්‍යාව 8,978ක් වීමත් සමඟයි.

මේ වන විට ලොව පුරා වෛරසය ආසාදිත සමස්ත පුද්ගලයින් ගණන 200,000 ඉක්මවා තිබේ.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් නැවතත් මහජනතාව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා තිබුනි.